සංගීතය මැද 17 හැවිරිදි තරුණයා සොයා ආ මාරයා

සංගීත ප්‍රසංගයක් අතර තුර තරුණයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් පිහියකින් සිදුකළ පහරදීමකින් එක් තරුණයෙක් ඝාතනයට ලක්ව තිබෙනවා.

අද (05) අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි පානදුර උතුර පොලිසිය පැවසුවේ.

පළතුරු කපන පිහියකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදුකළ තරුණයා අපරාධය සඳහා යොදාගත් පිහිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
1
+1
10
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?