සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් යාපනයේදී පෙළපාලියක්

සංක්‍රාන්ති ලිංගිකභාවය හිම තැනැත්තන්ට ආත්ම අභිමානයෙන් ජිවත්වීමට අවස්ථාවක් දෙන ලෙසට ඉල්ලීම් කරමින් ඊයේ (10) යාපනය දිස්ත්‍රික්කයේ පෙළපාලියක් පැවැත් වුණා.

සංක්‍රාන්ති ලිංගිකත්වය හිමි පුද්ගලයින්ට එරෙහි සියලු ආකාරයේ පීඩාවන්ට සහ වෙනස් කොට සැලකීමට එරෙහිව ආත්ම අභිමානය ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමිනුයි මෙම පාගමන සිදු වූයේ.

යාපනය බස් නැවතුම්පොළ අසළින් ආරම්භ කළ පාගමන යාපනය පුස්තකාලය දක්වා ගමන් කළ අතර අනතුරුව යාපනය නගරයේදී විදී පුරා ගමන් කරනු ලැබුවා.

Self Respect Rainbow Pride – 2023 යනුවෙන් පැවැත්වු අතර, සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුම සංක්‍රාන්ති ලිංගිකභාවය හිමි අයට අභිමානවත් ලෙස ජිවත්වීමට අවස්ථාවක් සැලසීමේ සමාජ වගකීමක් ඇති බව ද පාගමනට එක්වූවන් අවධාරණය කරනවා.

සිවිල් සංවිධාන රැසක ඒකාබද්ධතාවයෙනුයි මෙම පාගමන සංවිධානය කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05