spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෂි ජින් පින්ට තරු පේන්න විජයදාස ලියපු ලියුම…

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය තවදුරටත් අවංක සහ අව්‍යාජ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

චීන ජනාධිපති ෂි ජින් පින් මහතා වෙත කරුණු 45 කින් සමන්විත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ චීනය ලෝක බලවතා වීමට යන ගමනේ එක් යුධ පිටියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

2015 වසරට පෙර මෙරටට චීනය විසින් අධික පොලියට ලබාදුන් ව්‍යාපෘති අතරින් ප්‍රයෝජනවත් එකම ව්‍යාපෘතිය නොරච්චෝලේ විදුලි බලාගාරය පමණක් බවද අදාල ලිපියේ සදහන්.

සෙසු සියළු ව්‍යාපෘති නාස්ති කිරීම් පමණක් බවත් එමගින් චීනය විසින් ශ්‍රී ලංකාව විශාල ණය උගුලක සිරකළ බවත් විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?