“ෂකීබ් කළ දේ හරි, මම එතන සිටියා නම් සිදුකරන්නේ ඒ දේම තමයි”

බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් කළ දේ නීතියට අනුකූල බවත්, තමන් එතන සිටියා නම් ඒ දේම සිදුකරන බවත් පාකිස්ථානයේ හිටපු නායක සහ කඩුලු රකින ක්‍රීඩක මොයින් ඛාන් පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (06) පැවති තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොයින් ඛාන් මේ බව සඳහන් කළා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් හිටපු පාකිස්ථාන නායක මොයින් ඛාන්, ෂකීබ් අල් හසන්ගේ තීරණයට මෙලෙස සහාය පළ කර සිටියේ පකිස්ථාන ක්‍රීඩා නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොයින් ඛාන් මෙලෙස සඳහන් කළා,

“පිටියේදී එවැනි තීරණ ගන්නවා. නීතියට අනුව ෂකීබ් ඔහුගේ අයිතිවාසිකම් තුළ සිටියා. ෂකීබ් පැවසුවේ තම කණ්ඩායම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නිසා තමා මෙම තීරණය ගත් බව එය නිවැරදි තීරණයක් ලෙසයි මම සිතන්නේ.”

කෙසේ වෙතත්, හිටපු පාකිස්තාන නායක මිස්බා-උල්-හක් මොයින් සමඟ මෙහි දී එකඟ නොවූ අතර, බංගලාදේශයේ ක්‍රීඩාවේ ආත්මය පිළිබඳව ඔහු ප්‍රශ්න කර සිටියා.

“සාමාන්‍ය බුද්ධිය කොහෙද? මම කවදාවත් මුලින්ම ආයාචනා කරන්නේ නැහැ. මෙය ක්‍රීඩාවේ සැබෑ ආත්මයට පටහැනියි. මැතිව්ස් හිතාමතාම ක්‍රියා පටිපාටිය ප්‍රමාද කළා නම් මට තේරෙනවා. ඔබේ ඕවර් රේට්එක මන්දගාමී වෙනවා, තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් හෝ යම් දඩයක් ලැබෙනවා. කිසිම දෙයක් තිබුණේ නැහැ. එය තත්පර 10-15 ක කාරණයක්, දැන් එක කමක් නෑ.ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය කොහෙද?” මිස්බා මෙහිදී සඳහන් කළා.

ඊයේ තරගයේ දී පන්දුවට පහරදීමට පිටිය ආ මැතිව්ස් ඔහුගේ හස් ආවරණයේ ඇති වූ යම් ප්‍රශ්නයක් හේතුවෙන් නව හිස්වැස්මක් රැගෙන එම සඳහා සංඥා කළා.

එම අවස්ථාවේ ෂකීබ් සහ බංග්ලාදේශ කණ්ඩායම ‘කාලය ඉක්මවා’ දැවී යාමක් සඳහා පැමිණිලි කළ අතර විනිසුරුවන් මැතිව්ස්ගේ බලාපොරොත්තු සුන් කරමින් එම අභියාචනය අනුමත කරනු ලැබුවා.

  1. CRICKET CALLED AS GENTLEMENS GAME. NOT LIKE OTHER SPORTS EVEN GOLF IS NOT A GENTLEMEN GAME LIKE CRICKET. BECAUSE GOLF PLAY BY VERY FEW PLAYERS AND THEY SILENTLY PLAY THE GAME WITHOUT CHATTING EACH OTHER, SO NATURALLY THE DECENTNESS IS MAINTAIN INDISE. EVEN THE TENNIS AND BADMINTON IN SAME WAY. BUT CRICKET IS A GAME WHERE FIELDING 11 PLAYERS AND BATTING 2 PLAYERS WITH 2 UMPIRES, SO AT A TIME THERE ARE 15 GENTLEMENS PLAYING ONE GAME.

  2. මෙබඳු ක්‍රිඩකයින්ගෙ වෛරිසහගත සිතුවිලි ජාත්‍යන්තර ක්‍රීඩාවලට අනවශ්‍යයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00