spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශාන්තිගේ පුතාට නමක් තියන්න ඔබටත් අවස්ථාව (ඡායාරූප)

පින්නවල අලි අනාථාගාරයේ සිටින ‘ශාන්ති’ ඇතින්නට පසුගිය දා උපන් පිරිමි අලි පැටවාට නමක් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇති බව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අලි පැටවා ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය යෙදී තිබුණු මාර්තු 20 වනදා මෙලොව එළිය දුටුවා.

ඒ, අනුව ( එ / ඊ / උ / ජ / ග / ර / ස / ම / ඩ) යන අකුරුවලින් අලි පැටවාට ආමන්ත්‍රණය කිරීමට පහසු ඉතා කෙටි නමක් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව සැළසෙනවා.

මෙලෙස යෝජනා කෙරන නම් එම නම යෝජනා කරන පුද්ගලයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් Pinnawala zoo නමින් ඇති Facebook ගිණුමේ Messenger වෙත යොමුකළ හැකියි.

ඊට අමතරව 070 698 8488 යන අංකයට WhatsApp මාර්ගයෙන් ද මෙම නම් යෝජනා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

2024 අප්‍රේල් මස 12 වැනිදාට පෙර මෙලෙස නම් යෝජනා කරන ලෙසයි සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස යෝජනා කරන නම ප්‍රසිද්ධ කිරීම අප්‍රේල් 15 වන දින සිදුකෙරෙන බවයි.

අලි පැටවාට යෝජනා කරන නම්වලින් තෝරාගත් නම යෝජනා කළ ජයග්‍රහකයාට වටිනා ත්‍යාගයක් සහ අලුත් අවුරුද්දේ අප්‍රේල් 15 වන දින පින්නවල අලි අනාථාගාරයේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගී වීමට ද අවස්ථාව උදාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?