ශාන්තිගේ පුතාට නමක් තියන්න ඔබටත් අවස්ථාව (ඡායාරූප)

පින්නවල අලි අනාථාගාරයේ සිටින ‘ශාන්ති’ ඇතින්නට පසුගිය දා උපන් පිරිමි අලි පැටවාට නමක් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇති බව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අලි පැටවා ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය යෙදී තිබුණු මාර්තු 20 වනදා මෙලොව එළිය දුටුවා.

ඒ, අනුව ( එ / ඊ / උ / ජ / ග / ර / ස / ම / ඩ) යන අකුරුවලින් අලි පැටවාට ආමන්ත්‍රණය කිරීමට පහසු ඉතා කෙටි නමක් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව සැළසෙනවා.

මෙලෙස යෝජනා කෙරන නම් එම නම යෝජනා කරන පුද්ගලයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් Department of National Zoological Gardens නමින් ඇති Facebook ගිණුමේ Messenger වෙත යොමුකළ හැකියි.

ඊට අමතරව 070 698 8488 යන අංකයට WhatsApp මාර්ගයෙන් ද මෙම නම් යෝජනා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

2024 අප්‍රේල් මස 12 වැනිදාට පෙර මෙලෙස නම් යෝජනා කරන ලෙසයි සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස යෝජනා කරන නම ප්‍රසිද්ධ කිරීම අප්‍රේල් 15 වන දින සිදුකෙරෙන බවයි.

අලි පැටවාට යෝජනා කරන නම්වලින් තෝරාගත් නම යෝජනා කළ ජයග්‍රහකයාට වටිනා ත්‍යාගයක් සහ අලුත් අවුරුද්දේ අප්‍රේල් 15 වන දින පින්නවල අලි අනාථාගාරයේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගී වීමට ද අවස්ථාව උදාවනවා.

WhatsApp Image 2024 04 07 at 2.49.46 PM 1 2
WhatsApp Image 2024 04 07 at 2.49.46 PM 1 2
WhatsApp Image 2024 04 07 at 2.49.46 PM 1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59