ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ගෙන් ලෝක වාර්තාවක්

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබා තිබේ.

F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.