ශ්‍රි ලංකාවෙන් කොදෙව්වන්ට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 232ක් පමණයි.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 61 දී ලකුණු 55 රැස් කළා.

එක් දින වරම් හිමි කරගත් අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් රැස් කරමින්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ජේසන් මොහොමඩ් ශ්‍රී ලංකා කඩුළු දෙක බැගින් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්