ශ්‍රී ලාංකික සේවකයෙකුට සිදු වූ හිරිහැරය කොරියානු ජනාධිපතිවරයා දැඩිලෙස හෙළා දකී (වීඩියෝ)

කොරියාවේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකුට මුහුණදීමට සිදු වූ අපයෝජන සිද්ධියක් එරට ජනාධිපතිවරයා හෙළාදැක තිබෙනවා.

දකුණු කොරියා ජනාධිපති ලී ජේ මියුන්ග් මෙම සිද්ධිය හෙළාදකිමින් කියා සිටියේ “ඕනෑම මානව හිමිකම් උල්ලංඝනයකට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන” බවයි.

අදාළ ශ්‍රී ලාංකික සේවකයා සේවය කළ, දකුණු ජෙයෝල්ලා හි නාජු හි ගඩොල් කර්මාන්ත ශාලාවකදීපසුගිය පෙබරවාරි මස 26 වන දින ඔහු මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකයින් විසින් මෙම ශ්‍රී ලංකික සේවකයා ගඩොල් ගොඩක බැඳ ඔහුව ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයකින් ඉහළට ඔසවා හිරිහැර සිදුකරමින් සමච්චලයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සේවකයා 2024 දෙසැම්බර් මාසයේදී රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ E-9 වීසා බලපත්‍රයක් මත කොරියාවට ගොස් ඇති අතර, සිද්ධිය සිදුවීමට පෙර ඔහු මාස තුනක් පමණ එම කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

රැකියාවේ වරදක් සිදුකළ බව පවසමින් එහි අනෙකුත් සේවකයින් මෙම සේවකයා මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි
ජියෝනාම් සංක්‍රමණික කම්කරු මානව හිමිකම් ජාලය පැවසුවේ.

සිද්ධියෙන් මාස කිහිපයකට පසු මෙම සිදුවීමේ වීඩියෝවක් පසුගිය දා සමාජ මධ්‍යයේ සංසරණය වීමත් සමඟ කොරියානු රජය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ තමන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවත් එම ශ්‍රී ලාංකික සේවකයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මේ අතර දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ,

“මට මගේ ඇස් අදහා ගත නොහැකි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක සහ සංස්කෘතික බලවතෙකු තුළ මෙවැනි අපයෝජනයක් සිදුවිය හැකි යැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ.මෙය සමාව දිය නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක්. සුළුතරයකට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකුට එරෙහිව මානව හිමිකම් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. කිසිවෙකු සංක්‍රමණික සේවකයෙකුගේ අවදානමට ලක්විය හැකි තත්ත්වය සූරාකෑමට හෝ අපයෝජනය කිරීමට අපයෝජනය නොකරන බවට අපි සහතික වෙනවා. විදේශයන්හි සේවය කරන කොරියානු පුරවැසියන් අපි අගය කරනවා සේම, සංක්‍රමණික සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා.” යනුවෙන්.

  1. මෙය විනෝදයට කරපු දෙයක් අදාල පුත්ගලයා අගතියට පත් කරන්න කල දෙයක් නොවේ. කොරියානුවෙකු කිසිම දිනක මෙවැනි දෙයක් හිතාමතා කරන්නේ නෑ. මොකද කොරියාවේ නීතිය ඔවුන් ඉහලින් පිලිපදිනව.සහ එය කාටත් සමාන ලෙස පවතිනව.නමුත් මෙතනදී වැරදි විදියට අර්ථ කතනය කර තිබෙනව. ජනාධිපති තුමා එම වීඩියෝව නිසා වෙන රටවල් වැරදි අදහසක් දැරිය හැකි බව තමා හුදෙක් ප්‍රකාශ කර සිටියේ. අවාඅවාසනාවකට මේ රටේ වැරදි දෙයක් විහිලුවට වත් කල නොහැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16