ශ්‍රී ලාංකිකයන් 23ක් වියට්නාමයෙන් පිටුවහල් කෙරේ

වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටි තවත් ශ්‍රී ලාංකිකයන් විසිතුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ළඟා වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් 303ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 07 වනදා වියට්නාම් මුහුදේදී ආපදාවට පත් ව තිබුණා.

එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුවයි වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටියේ.

ඒ අතරින් වියට්නාමයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 151ක් පසුගිය 2022 වසරේ දෙසැම්බර් 28 වන දින මෙරටට ළඟා වුණා.

එලෙස තාවකාලිකව රඳවා සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකුයි පෙරේදා (19) මෙරටට ළඟා වී ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන් 303ක් රැගත් ‘Lady R3’ නමැති වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් වියට්නාම් මුහුදේ ගිලෙමින් පවතින බවට, පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 07 වන දින උදෑසන නාවික හමුදා මුලස්ථානයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ආපදාවට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස මුදවා ගැනීම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය ආවරණය වන සිංගප්පූරු, වියට්නාම් සහ පිලිපීන සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුවත් කිරීමට කටයුතු ‍කරනු ලැබුවා.

ඒ අනුව, සිංගප්පූරු සහ වියට්නාම් සමුද්‍රීය සෙවිම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන්ගේ සම්බන්ධීකරණයෙන්, MV ‘Helios Leader’ නමැති වෙළඳ නෞකාව මඟින් ආපදාවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව, නොවැම්බර් 09 වන දින වියට්නාම් සෙවිම් සහ මුදවා ගැනීම් යාත්‍රාවක් මඟින් වියට්නාමය වෙත රැගෙන ගොස් එරට තාවකාලිකව රඳවා තිබුණා.

මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නීත්‍යනුකූලව ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් පිටත්ව ගොස්, මියන්මාරයේ සිට විදෙස් රටකට ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන්ගේ සම්බන්ධීකරණයෙන් මුහුදු මඟින් නීති විරෝධී ලෙස සංක්‍රමණය වෙමින් සිටියදී යි මෙලෙස ආපදාවට පත් වී ඇත්තේ.

පසුගිය 19 වන දින මෙරටට පිටුවහල් කල වයස අවුරුදු 19 ත් 50ත් අතර වැඩිහිටි පිරිමි 15 දෙනෙකු, වැඩිහිටි කාන්තාවන් 06ක්, වයස අවුරුදු 18ට අඩු දෙදෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් යාපනය, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමණ හා විගමණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන මගින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03