ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී ප්‍රහාරයක් – අරාබි ජාතිකයෙක් අත්අඩංගුවට

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ දී එහි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදුන් ගුවන් මගියෙක් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞදි අරාබි ජාතික ගුවන් මගියෙක් බවයි වාර්තා වුණේ.

28 හැවිරිදි මෙම සෞදි අරාබි ජාතිකයා, සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණා.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් සිටියදී , ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර , එම නීතිය උල්ලංඝනය කරමින්  මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම ගැටුම ඇති වී ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයේ නියමුවා දැනුවත් කිරීමෙන් පසුව ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ සිදු වී ඇති බැවින් සැකකාර සෞදි අරාබි ජාතිකයා හෙට (27) දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල isis මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ පාස්කු බෝම්බයේ සත්‍ය හා යුක්තිය නොමැති රටේ අරාබි ජාතිකයාට චෝදනා කල සේවිකාවන් ආරාබි නිතීය අනුව “තබක්ය ” . ලංකාවේ පාලකයන්ට “අබ පිහිටයි “

  2. නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වුවහොත්, විනය පවත්වාගැනීම පහසුවනු ඇත. සෞදිඅරාබි ජාතිකයෙක් නිසා ඔහු නීතියට ඉහළින් සිටිය යුතු නැත.