ශ්‍රී ලන්කන් කාගෝ ගුවන් සේවයට ඉන්දියාවෙන් සම්මානයක් (ඡායාරූප)

India Cargo Awards – 2023 සම්මාන ප්‍රදානෝත්සවයේ දී ඉන්දීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් කාගෝ (Sri Lankan Cargo) සේවය සම්මානයට පාත්‍ර වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනික සන්නිවේදන අංශය පවසනවා.

ඉන්දියාවේ නවදිල්ලි, මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචින්, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල සිට ශ්‍රී ලංකාවේ කටුනායක ඇතුළු තවත් විදේශීය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් කාගෝ සතියකට ගුවන් ගමන් වාර 70ක් පමණ ක්‍රියාත්මක කරනු ලබනවා.

එබැවින් ඉන්දීය භාණ්ඩ සැපයුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීම බවට ශ්‍රී ලන්කන් කාගෝ පත් වී සිටින බව සඳහන්.

එමෙන්ම යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි ගමනාන්ත සහ ඉන් ඔබ්බට ද ශ්‍රී ලන්කන් කාගෝ තම සේවා පවත්වා ගෙන යමින් සිටිනවා.

එබැවින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී ශ්‍රී ලන්කන් කාගෝ මෙට්‍රික් ටොන් 10,000ක් බර ගුවන් භාණ්ඩ තම ගුවන් යානා මගින් ප්‍රවාහනය කර තිබෙනවා.

මේ සදහා ශ්‍රී ලන්කන් කාගෝ සතුව විශිෂ්ඨ තලයේ ගබඩා පහසුකම් සහ අති නවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණ ඇති බවයි ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !