ශ්‍රී ලංකා සංචාරයකට එංගලන්තය සංචිත දෙකක් නම් කරයි

එළැඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා වන එංගලන්ත ලයන්ස් ටෙස්ට් සහ එක්දින සංචිතය නම් කර තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී සිව්දින ටෙස්ට් තරග දෙකකට එක් වීමට නියමිතයි.

ඊට පෙර ජනවාරි 25 වැනිදා කණ්ඩායම් දෙක කොළඹදී තුන්දින පෙරහුරු තරගයකට ද සහභාගී වනවා.

අනතුරුව වයිට් බෝල් සංචිතය ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව කොළඹදී එක්දින තරග තුනක් ක්‍රීඩා කරන අතර ආරම්භක තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සිංහ ටෙස්ට් සංචිතය

Tom Abell (Somerset), Josh Bohannon (Lancashire), Jack Carson (Sussex), Sam Cook (Essex), Matt Fisher (Yorkshire), Nathan Gilchrist (Kent), Tom Haines (Sussex), Haseeb Hameed (Nottinghamshire), Tom Hartley (Lancashire), Jack Haynes (Worcestershire), Lyndon James (Nottinghamshire), Alex Lees (Durham), Liam Patterson-White (Nottinghamshire), Ollie Robinson (Durham), Jamie Smith (Surrey), Josh Tongue (Worcestershire).

එංගලන්ත සිංහ එක්දින සංචිතය

Tom Abell (Somerset), Tom Banton (Somerset), Jacob Bethell (Warwickshire), Brydon Carse (Durham), Sam Cook (Essex), Jordan Cox (Kent), Mason Crane (Hampshire), Matt Critchley (Essex), Matt Fisher (Yorkshire), Sam Hain (Warwickshire), Tom Hartley (Lancashire), Tom Lammonby (Somerset), Saqib Mahmood (Lancashire), Tom Perst (Hampshire), James Rew (Somerset), Luke Wood (Lancashire).

මෙම සංචිත දෙකම නියෝජනය කරන ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද වනවා. ඒ Tom Abell, Sam Cook, Matt Fisher සහ Tom Hartley,

එක්දින සහ ටෙස්ට් සංචිත දෙක වෙනුවෙන් නම්කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 28ක්.

ටෙස්ට් සංචිතයට පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එංගලන්ත ලයන්ස් පුහුණු කඳවුරට සහභාගී වූ ප්‍රබල නියෝජනයක් ඇතුළත් වන අතර ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයින් තිදෙනෙකු දඇතුළත්. (Alex Lees, Hameed Haseeb and Fisher)

එක්දින සංචිතයේ සකීබ් මහමුද් සහ බ්‍රයිඩන් කාර්ස් යන දෙදෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරේ වේග පන්දු යවන්නන් පුනරුත්ථාපන වැඩසටහනට එක්ව සිටියා.

ඇන්ටිගුවාහිදී පවතී 2022 ICC 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Jacob Bethell, Tom Perst සහ James Rew ද මෙම සංචිතයට ඇතුළත්.

දැනට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන Bethell සහ Rew, Lions ODI සංචිතයට එක්වීමට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරග දෙක සඳහා එංගලන්ත 19 න් පහළ සංචිතයට එක්වනු ඇති.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාර්ය සාධන අධ්‍යක්ෂ, Mo Bobat පැවසුවේ, ලෝක කුසලානයට මෙන්ම මීළඟ ශීත ඍතුවේ ඉන්දියාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට පෙර ක්‍රීඩකයින් නිරීක්ෂණය කිරීමට මෙම තරඟාවලිය අවස්ථාව ලබා දෙන බවයි.

එක් එක් ක්‍රීඩකයාගේ තනි ක්‍රියාකාරකම් හොඳින් සලකා බලා සංචිත තෝරාගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – කාලසටහන

තුන්දින පෙරහුරු තරගය: SLC Board XI v England Lions; ජනවාරි 25-27, RPICS කොළඹ (පෙ.ව. 10 ආරම්භය)

පළමු සිව්දින ටෙස්ට් තරගය: Sri Lanka A v England Lions; ජනවාරි 31 – පෙබරවාරි 3, GICS ගාල්ල (පෙ.ව. 10 ආරම්භය)

දෙවන සිව්දින ටෙස්ට් තරගය: ශ්‍රී ලංකා A – එංගලන්ත ලයන්ස්; පෙබරවාරි 7-10, GICS ගාල්ල (පෙ.ව. 10 ආරම්භය)

පළමු එක්දින තරගය; ODI: Sri Lanka A v England Lions; පෙබරවාරි 15, RPICS Colombo (පෙ.ව. 10 ආරම්භය)

දෙවන එක්දින තරඟය: Sri Lanka A v England Lions, පෙබරවාරි 18, RPICS Colombo (පෙ.ව. 10 ආරම්භය)

තුන්වන එක්දින තරගය: Sri Lanka A v England Lions, පෙබරවාරි 21, RPICS කොළඹ (පෙ.ව. 10 ආරම්භය)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01