ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය වීරසුමන වීරසිංහට

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී යි පැවැත් වුණේ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (H. E (Ms) Ho Thi Thanh Truc) මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.‍

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක ගොඩහේවා, එම්. උදයකුමාර් සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් වී තිබෙනවා. මොහොමඩ් මුසම්මිල් ලේකම්වරයා ලෙස පත් කරන ලද අතර, භාණ්ඩාගාරික ලෙස කරුණාදාස කොඩිතුවක්කු මහතා පත් කෙරුණා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඓතිහාසික සබඳතා බුදුදහම තුළින් ශක්තිමත් වූ බව සහ යටත් විජිත සමයේ පැවති වියට්නාම අරගලයේදී ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගීතාවයෙන් ඒ බව මනාව පිළිබිඹු වන බවයි රැස්වීම අමතමින් කථානායකවරයා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වන බවද කථානායකවරයා තවදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපනය කිරීම තුළින් දෙරට අතර පැවති සුහදතාවය, සාම්ප්‍රදායික සබඳතා සහ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලබා දෙන ප්‍රබල සහය සහ මඟපෙන්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය කථානායකවරයා වෙත සිය කෘතඥතාව ද පළ කළා.

සහයෝගීතාවයේ සක්‍රීය පාලමක් ලෙස මිත්‍රත්ව සංගමය ක්‍රියා කරන බවත්, වෙළෙඳ, ආයෝජන, සංස්කෘතික හා සංචාරක වැනි ක්ෂේත්‍රවල දෙරට අතර සබඳතාවන් ප්‍රවර්ධනය කිරීමට මෙමගින් හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ වියට්නාමය තාක්‍ෂණික දියුණුව, කාර්මික සංවර්ධනය සහ අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ප්‍රවර්ධනය කළ රටක් බැවින් වියට්නාමය සමග මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර අදාළ ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සබඳතාවන් ඇති කර ගැනීමට මූලික පදනමක් ලැබෙන බවයි.

සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා රැස්වීමේදී අදහස් දක්වමින් සිය කෘතඥතාව පළ කළා.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21