spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් වන ලකුණු (ඡායාරූප)

දිගින් දිගට ම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දීයි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගට ම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී අනාවරණය වී තිබෙනවා.

ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පැවති සාකච්ඡාවේදීයි.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්; මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරය
සභාපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක් ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වන විට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බවයි හෙළි ව ඇත්තේ.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ද සභාපතිවරයා මෙහිදී දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.

MCC Mass Media 20231123 2 1
MCC Mass Media 20231123 3 1
MCC Mass Media 20231123 4 1
MCC Mass Media 20231123 5 1
MCC Mass Media 20231123 6
MCC Mass Media 20231123 7
MCC Mass Media 20231123 8 1
MCC Mass Media 20231123 9 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
7
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?