ශ්‍රී ලංකා රජයට කොළේ වසා මිලට ගත් මිග් යානා නඩුව ‍යළිත් කරළියට

ප්‍රශ්නගත මිග් යානා 8 මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර දැනට නිල් නිවේදන නිකුත් කර ඇති එම නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු ලෙස නම් කර සිටින ඩී. එස්. එලායන්ස් සහ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන සැකකරුවන් දෙදෙනාට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (30) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ එම නඩුව සැකකරුවන් දෙදෙනා විමර්ශන සඳහා සහාය වීමට මෙරටට පැමිණීමේ සුදානමින් සිටින බව කියමින් ඔවුන් දෙදෙනාට නිකුත් කළ නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව අවශ්‍ය තරම් සාක්ෂි ඇති බවත් වසර ගණනාවකට පෙර ආරම්භ කළ මේ විමර්ශනය සඳහා සැකකරුවන් කිසිදු සහායක් නොදුන් බවත් කියමින් නීතිපති දෙපාර්තමේන්තුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

රුසියාවේ යුක්රේන මාෂ් සමාගම සහ සහ ශ්‍රී ලංකා රජය නිසි ආකාරයෙන් ගිවිසුමකට එළැඹ නැහැ.

බෙරිමිසා හෝල්ඩිංග්ස් සමාගම මෙහි කටයුතු කරන බව පැවසුව ද ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් තබා නැතැයි ද සිදු කළ විමර්ශන අනාවරණය කළ බව නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අන්‍යෝන්‍ය සහයෝගීතා පනත යටතේ ජාත්‍යන්තරව කළ ඉල්ලීම් සහ කරුණු දැක්වීම් යටතේ මේ වනවිට කරුණ ගණනාවක් අනාවරණය වී ඇති බව කියා සිටි නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණය මගින් නිකුත් කරන ලද නොතීසි, සිතාසි, කුරියර් සහ ඊමේල් හරහා සැකරුවන්ට යොමු කිරීමෙන් අනතුරුව කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා විවෘත වරෙන්තු ලබා ගත් බව ද පැවසුවා.

අමෙරිකානු ඩොලර් මිලියන 7 ප්‍රශ්නගත මිග් යානා 8 මිල දී ගෙන ඩොලර් 14 මිලකට මිල දී ගත් බවට හඟවමින් මෙකී ප්‍රශ්නගත මිග් යානා 8 මිල දී ගෙන ශ්‍රී ලංකා ජනරජයේ කිසිදු දැනීමක් නොමැතිව ඩී එස් එලායන්ස් සමාගම අපරාධමය වරදක් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියා.

අමරිකානු ඩොලර් මිලියන 7ට මිල දී ගත් මිග් යානා 8ට වැඩි මුදලක් වන අමෙරිකානු ඩොලර් මිලියන14කට මිල දී ගත් බව පවසා ඇති බවත් යුක්රේන මාෂ් සමාගම සමග ගිවිසුමකට එළැඹෙන බව පවසා ඩී එස් එලායන්ස් සමාගම එම යානා 8 මිල දී ගෙන වංචාවක් සිදු කර ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

යුක්රේන් මාෂ් සමාගම සමග ගිවිසුමකට එළැඹෙන බවට ශ්‍රී ලංකා රජයට දන්වමින් ගිවිසුම් ගත වී ඇත්තේ ඩී එලායන්ස් සමාගම සමග බවත් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ටී. එස්. ලී සහ එන්. ජේ. ලේක්හිම් යන දෙදෙනාම බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් යුක්රේන මාෂ් සමාගම සමග ගිවිසුම්ගත වන්නේ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම බව ප්‍රකාශ කර ඇතත් කිසිදු ගිවිසුමකට එළැඹ නැතැ’යි ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූ බවයි පැවසෙන්නේ.

අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ පනත යටතේ 18 වතාවක් තොරතුරු ඉල්ලා ලබා ගත් බවත්; සිදු කළ විමර්ශනවලට අනුව 2018.12.12 දින අධිකරණයට කරුණු දක්වමින් විවෘත වරෙන්තු ලබා ගත් බව ද හෙළි වුණා.

වසර ගණනාවක් ගත වී ඇතත් විමර්ශන සඳහා විත්තිකාර පාර්ශ්වයෙන් කිසිදු සහායක් දී
නොමැති හෙයින් වරෙන්තුව ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44