spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රමාද වූ සියලුම වාර්තා මාසයක් ඇතුළත අවශ්‍යයි – කෝප් කමිටුව(ඡායාරූප)

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) මෙතෙක් ප්‍රමාද වී ඇති සියලුම වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී.

කෝප් කමිටුව නිර්දේශ කළ සෙසු නිර්දේශ අතර විශාල මූල්‍ය පාඩු ලැබූ මාලදිවයිනේ සහ සීෂෙල්ස් හි රක්ෂණ සංස්ථාව යටතේ ඇති ශාඛා දෙක විධිමත් ලෙස වසා දැමීමේ අරමුණින් කෝප් කමිටුවේ නිරීක්ෂණ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යැවීමට කටයුතු කිරීම.

රක්ෂණ සංස්ථාවට අයත් ජනාධිපති ලේකම් කාර්යාලය දැනට භාවිත කරන ඉඩම සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා උපදෙස් ලබාදීම

ලංකා රක්‍ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහිව අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරන පරීක්‍ෂණවල ප්‍රගතිය පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීම

දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාර වෙන වෙනම සමාගම් දෙකකට වෙන් කිරීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තීරණයක් ලබා දීම සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීම

රක්ෂණ සංස්ථාවේ අනාගත අලෙවිකරණ උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම් දීම

රක්ෂණාවරණය ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව රක්ෂණ ඔප්පුහිමියන් නිසි ලෙස දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීම

රක්ෂණ සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් පවත්වා මාස හයක් ඇතුළත කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දීම

සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සිටින 93 දෙනෙකුගේ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700ක් වැය වන ‘කළමනාකරණ සේවා රක්ෂණ සමාගම’ පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ මතය දැන ගැනීමට රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට යෝජනා කිරීම

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාළ අරාබි රටවල සිටින විදේශීය ශ්‍රමිකයින් සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට අදාළ සංස්ථාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුළු නිර්දේශ ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා.

COPE 20230308 9
COPE 20230308 7
COPE 20230308 8
COPE 20230308 5
COPE 20230308 2
COPE 20230308 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?