ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ කුසලානය එළිදකී (ඡායාරූප)

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට (02) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු තරගය හෙට පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශූරයින් වෙනුවෙන් පිරිනමන කුසලානය එළිදැක්වීම අද (01) සිදුකෙරුණේ දෙපිළේම නායකයින්ගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, තුනවන සහ අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2024 වසරේ මාර්තු 18 වනදා වන අතර, චිතගොං හිදී පැවති මම තරගය බංග්ලාදේශය කඩුලු 04කින් ජය ගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක්දින තරගයක දී එකිනෙනා හමුවන්නේ වසරකටත් වඩා වැඩි කාලයකට පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39