ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සඳහා චීනයේ පැවැති වැඩමුළුව සාර්ථකව අවසන්

චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ , ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුව 2025 ජුනි 20 සිට ජූලි 6 දක්වා කාලය තුළ සාර්ථකව පැවැත්වුණා.

මේ සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.

ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් සහ විධායක කමිටු සාමාජිකයින්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වුණා.

ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දිනින්දු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාවා, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන මහත්ම මහත්මීහූ මෙම වැඩමුළුවට සහභාගී වූවා.

විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, බී.ආරියවංශ සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරු ද මෙම වැඩමුළුවට එක්ව සිටියා.

මෙම දූත පිරිස සමගින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනී තිළිණි තුෂාරිකා ගමගේ යන මහත්ම
මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලියොනිං පළාතේ අගනුවර වන ෂෙන්යැං නගරයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ෂෙන්යැං උප නගරාධිපති ලියු කෙබින් මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වුණා.

මෙම අධ්‍යයන වැඩසටහනට ක්ෂේත්‍ර චාරිකා සහ සංස්කෘතික නැරඹුම් ක්‍රියාකාරකම් කිහිපයක් ද ඇතුළත්.

ඒ අනුව නියෝජිත පිරිස නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ අගනුවර වන නැන්ජින් වෙත සංචාරයක නිරත වුණා.

සංචාරය අතරතුර දූත පිරිස ජියැංසු පළාතේ උප ආණ්ඩුකාර චෙන් ෂොංවෙයි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ අතර දෙරට අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා.

2025 ජූලි 5 වන දින බීජිං හි පැවති සමාප්ති උත්සවයකින් අධ්‍යයන වැඩමුළුව අවසන් වූ අතර, මෙම අවස්ථාවට NDRC (චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම) හි ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති
මජින්ත ජයසිංහ මහතා සහභාගී ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18