ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත් වූ වෙබ් අඩවිය එළිදකී

වසර 19 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර පසුගිය 27 වන දින පාර්ලිමේන්තුවේ දී කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදු වුණා.

මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා ඇත්තේ 2006 වර්ෂයේදීයි.

ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය සිදු කරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙලෙස එළිදක්වනු ලැබුවා.

කතානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන් සිදුකර තිබෙනවා.

නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර තිබෙනවා.

වෙබ් අඩවියේ ” My Parliament ” portal නැතහොත් “මගේ පාර්ලිමේන්තුව” ද්වාරය මඟින් සෑම පුරවැසියෙකුටම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබා දී ඇති අතර වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමි වනවා.

තවද පාර්ලිමේන්තුව සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා එම කටයුතු පහසු කරගැනීමටද අවස්ථාව පවතිනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ සම්මානලාභී වෙබ් අඩවියක් වන අතර වසර ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ තරඟවලදී “හොඳම රජයේ වෙබ් අඩවිය” සහ “හොඳම බහුභාෂා වෙබ් අඩවිය” ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහා අනාගතයේදී සිදු කළ යුතු වෙනස්කම් ද මේ වන විට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28