ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා 26 වනදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පිරිනැමුවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය (SAFF) ජයග්‍රහණය කිරීම සඳහා මෙහිදී පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවට ද පොරොන්දු වුණා.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් සිදුව තිබෙන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මේ වන විට ලෝකයේ විවිධ රටවල වෘත්තීය තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ද සහිතව ශක්තිමත් ජාතික කණ්ඩායමක් ගොඩනඟා තිබෙනවා.

මෙහිදී ක්‍රීඩකයන් සමඟ සුහද කථාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූවා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47