ශ්‍රී ලංකා නාවික හමුදාව විදෙස් නාවික හමුදාවන්ගේ ද එක්වීමෙන් දැවැන්ත ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale – 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය පසුගියදා (05) ත්‍රිකුණාමලය දකුණ, සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ දී ආරම්භ වුණා.

විදේශීය නාවික හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය එළඹෙන 15 වැනි දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත්තේ.

මෙම ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ප්‍රථම වරට පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් ඇතුළුව නාවික හමුදා සාමාජිකයන් 25
දෙනෙකු සහභාගී ව සිටිනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා දියත් විධානය, නාවික පාබල අංශය, මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, ගවේෂණාත්මක කාර්ය සාධක බලකාය සහ නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික හමුදා පුද්ගලයන් 195 දෙනෙකු මීට එක් ව සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ගොඩබෑමේ නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා සහ RHIB යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක් ද එක් ව තිබෙනවා.

මෙම පුහුණු අභ්‍යාසය තුළ දී සතුරු ග්‍රහණයේ ඇති භූමියක් වෙත උපක්‍රමිකව මුහුදෙන් භට පිරිස් සහ යුද සැපයුම් ඇතුළු කිරීමේ භූ ජලතරණ අභ්‍යාස (Amphibious Operations), සතුරු භූමිය පිළිබඳ හා සතුරාගේ හැකියාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අභ්‍යාස (Reconnaissance), දූපත් සහිත ජලාශ්‍රිත ප්‍රදේශ තුළ සිදු කෙරෙණ පරීක්‍ෂා කිරීමේ මේහෙයුම් (Riverine/ Search and Clear Operations), සතුරු භූමිය වෙත ආරක්‍ෂිතව මිතුරු හමුදා ඇතුල් කිරීම සඳහා ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර අභ්‍යාස (Amphibious Assault), මුහුදෙන් භට පිරිස් ආරක්‍ෂිතව ගොඩබිමට ඇතුලු කිරීම සඳහා මුහුදේ සිට හඳුනාගත් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස (Naval Gun Fire Support – NGFS), සංග්‍රාමික අවස්ථාවක දී අමතර භට පිරිස් යෙදවීම සහ ගුවනින් තුවාලකරුවන් ඉවත් කිරීමේ අභ්‍යාස (Reinforcement and CASEVAC), ගුවනින් සංග්‍රාම භූමිය වෙත භට පිරිස් ඇතුලු කිරීමේ අභ්‍යාස (Air Infiltration by Rappelling), අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි (Internal Security Duties – ISD) සහ ප්‍රතිවිප්ලවීය සංග්‍රාම (Counter Revolutionary Warfare – CRW) ආශ්‍රිත සටන් අභ්‍යාස සහ සතුරු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිදු කරන ආරක්‍ෂක මෙහෙයුම් (Stability Operations) ඇතුළු පුහුණු අභ්‍යාස රැසක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම භූ ජලතරණ අභ්‍යාසයේ අණදෙන නිලධාරී ලෙස (Commander Amphibious Task Force – CATF) ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති අණදෙන නිලධාරී කපිතාන් තුෂාර මහේෂ් කටයුතු කරනු ලබනවා.

මෙම Blue Whale – 2024 අභ්‍යාසය සාර්ථකව සිදු කිරීම තුළින්; භූ ජලතරණ මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික ක්‍රමෝපායන් සම්බන්ධ දැනුම යාවත්කාලීන කිරීම, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර මෙන්ම කලාපීය පාර්ශ්වකරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා හවුල්කාරිත්වය වර්ධනය කිරීම, පාර්ශවකරුවන්ගේ සංග්‍රාමික අත්දැකීම්, නව දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම, පාර්ශ්වකරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම සහ නාවික හමුදාවේ විශේෂ බලකා හා ඒකකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම තුළින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සහ අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය යෝග්‍යතාව සහ මෙහෙයුම් සූදානම වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරෙන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55