ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක පස්වන සහ අවසන් දිනය අදයි.

තරගය පැවැත්වෙන ක්‍රයිස්ට්චර්ච් හි – හැග්ලි ඕවල් ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට අද (13) උදෑසන සිට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට තරගය පැවැත්වීමට අවස්ථාව මඟ හැරී ගියා.

කෙසේ වෙතත් තරගය ප්‍රමාද වී හෝ ආරම්භ කිරීමට මේ වනවිට පිටිය සකස්කරමින් පවතින බවයි ක්‍රයිස්ට්චර්ච් නුවරින් වාර්තා වන්නේ.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 286ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පිළට මෙම තරගය ජය ගැනීමට නම් නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලු සියල්ල අද දිනය තුළ දවාගැනීම අනිවාර්ය වනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයේ ජයග්‍රහණය අනිවාර්යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ වැරදි කතා කරන්න පොහොට්ටුව සුදුසුද ?..අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37