ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් පැවරීමට පියවර ගැනීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසටයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්.කේ. හෙට්ටිආරච්චි යන අය විසින් පෙත්සමක් ගොනු කළා.

එහි උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළුව සාමාජිකයන් ඇතුළු 34 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් වලින් 49.5% ක් මහ භාණ්ඩාගාරය සතුව වන බවයි.

රජයට ගෙවිය යුතු සියලූ බදු ගෙවීමෙන් අනතුරුව කැපී පෙනෙන ශුද්ධ ලාභයක් එම සමාගම වාර්තා කර ඇති බවත් පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළා.

මේ අතර මෑතකදී රාජ්‍ය හිමිකාරිත්වය සහිත ආයතන හතරක් ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණත් ඒ තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තිබූ බවට තොරතුරු හෙළිවී නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

ඒ අනුව ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට අදාළව පැහැදිලි ඇමති මන්ඩල තීරණයක් නොමැති බවත් ඔවුන් චෝදනා කලා.

මෙම තත්වය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදාළව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සතුව තිබෙන කොටස් පැවරීමට දරන උත්සාහය මහජන යහපත පිළිබඳ අභිලාෂයට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එය මහජනතාවගේ කැමැත්තට පිටු පෑමක් බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම කටයුත්ත සිදුකිරීමට පෙර මහජන අදහස් විමසීම, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, සේවක අදහස් විමසීම සහ කොටස් කරුවන් ගෙන් අදහස් විමසීමක් වගඋත්තර කරුවන් විසින් සිදුකර නොමැති බවත් පෙත්සම්කරු චෝදනා කරනවා.

මේ හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ග්‍රාහකයින් මිලියන 10.2 කට වැඩි පිරිසකට අගතියක් සිදු වන බවයි පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්, කොටස්කරුවන් සහ මිලියන 10.2 කට අධික ග්‍රාහකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන කොටස් පැවරීම පිළිබඳ තීරණයට අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05