ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය; ධනංජයගේ ශතක ඉනිමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය අද නෝර්ත් සවුන්ඩ් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන්නා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 308ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සිය 13 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් ලකුණු 42ක් තුළ දැවී තිබිය දී සිව්වන කඩුල්ලට දිනේෂ් චන්දිමාල් සමඟ එක්වූ නායක ධනංජය ද සිල්වා සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

එහිදී ධනංජය ද සිල්වා පන්දු 168ක් තුළ ලකුණු 120ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් කිරීමට සමත් වුණා.

සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය සඳහා එක් වූ සොනාල් දිනුෂ ලකුණු 43ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමට දායක වුණා.

පන්දු යැවීමේ දී ජස්ටින් ග්‍රීව්ස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, අල්සාරි ජෝසප්, කෙමාර් රෝච් සහ ෂමාර් ජෝසප් කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.

තරගයේ පළමු දිනය අවසන්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් පදුවාරයක් අවසානයේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39