ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සකසයි : ඉහළම වැටුප් කාණ්ඩයට ක්‍රීඩකයින් සිව්දෙනෙක්

ක‍්‍රීඩකයින් 20 දෙනෙකු වෙනුවෙන් වාර්ෂික කොන්ත‍්‍රාත්තු පිරිනැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙ. ඒ අනුව ඉහළම වැටුප් ගෙවන ‘A 1’ කණ්ඩාය සඳහා කී‍්‍රඩකයින් සිව් දෙනකු අතුළත් කිරීමට එහිදී සැළසුම් කර තිබෙන අතර ඊට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ධනංජය ද සිල්වා යන ක‍්‍රීඩකයින් ඇතුළත්ව ඇති බවට වාර්තා වේ.

කොන්ත‍්‍රතාතුවට අනුව ‘A 1’ කාණ්ඩයේ කී‍්‍රඩකයින් සඳහා හිමිවන වටිනාකම අමෙරිකානු ඩොලර් 100,000 ක් වේ. කරුණු එසේ වෙද්දී අමෙරිකානු ඩොලර් 80,000ක වටිනාකමකින් යුත් ‘A 2’ කාණ්ඩයට කිසිදු ක‍්‍රීඩකයෙකු ඇතුළත්ව නැති බවටද වාර්තා වේ.

ඩොලර් 65,000ක වටිනාකමකින් යුත් ‘B 1’ කාණ්ඩයට සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක, ඇන්ජෙලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් හා කුසල් පෙරේරා යන ක‍්‍රීඩකයින් ඇතුළව සිටී.

ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස් හා චරිත් අසලංක ඩොලර් 55,000 ක වටිනාකමකින් යුත් ‘B 2’ කාණ්ඩයට ඇතුළත් සිටී.

‘C 1’ කාණ්ඩය සඳහා විශ්ව ප‍්‍රනාන්දු හා අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුළත්ව ඇති අතර ඔවුන්ට වාර්ෂිකව හිමිව ඇති වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000කි. ඩොලර් 35000ක වටිනා කමකට හිමිකම් කියන ‘C 2’ කාණ්ඩය සඳහා චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයින් ඇතුළත්ව තිබේ.

මීට අමතරව තවත් ක‍්‍රීඩකයින් 10 දෙනෙකුට දේශීය කොන්ත‍්‍රාත්තු පිරිනැමීමට ද පියවර ගෙන ඇති අතර ප‍්‍රවීන් ජයවික‍්‍රම (ඩොලර් 20,000) , ඕෂද ප‍්‍රනාන්දු (ඩොලර් 15,000), භානුක රාජපක්ෂ (ඩොලර් 25,000) , ලක්ෂාන් සදකැන් (ඩොලර් 30,000), මහීෂ් තීක්ෂණ (ඩොලර් 30,000), නුවන් ප‍්‍රදීප් (ඩොලර් 20,000). බිනුර ප‍්‍රනාන්දු (ඩොලර් 15,000), ළහිරු කුමාර (ඩොලර් 30,000), මිනෝද් භානුක (ඩොලර් 15,000) හා කමිදු මෙන්ඩිස් (ඩොලර් 15,000) යන ක‍්‍රීඩකයින් එම ක‍්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වේ.

පසුගිය වසරේ දී ප‍්‍රධාන කොන්ත‍්‍රාත් ගිවිසුම් අත්සන් කළ අශේන් බණ්ඩාර හා අකිල ධනංජය මෙවර කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09