spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහීමට හේතුව ඇන්ජි හෙළිකරයි

දක්ෂතා අතර සිටි තමන් වසර තුනක කාලයක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් ඉවත්කර තැබීමට හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (14) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මේ බව පැවසුවා.

එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට හිටපු තේරීම් කමිටුව සිය පෞද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් කටයුතු කිරීම හේතු වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව අතර හොඳ සබඳතාවක් පත්වාගෙන යන බව සඳහන් කළ මැතිව්ස් ඔවුන්ට පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙනෙන්නට නොමැති බව ද මෙහි දී සඳහන්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
43
+1
7
+1
4
+1
7
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?