spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය එක්දින ලෝක කුසලානය ජයගෙන අදට වසර 28යි (වීඩියෝ)

ජගත් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබූ 1996 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර අද (17) දිනට වසර 28ක් සම්පූර්ණ වනවා.

1996 වසරේ මාර්තු මස 17 පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ ප්‍රබල ඕස්ට්‍රේලියාවයි.

එම අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාව කඩුලු 07කින් පරාජය කරමින් පරාජයකර ශ්‍රී ලංකාවව විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

එම තරගයේ දී පළමුව පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු සංඛ්‍යාව 241කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ඉනිමේ 47 වන පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ලකුණු 242 රැස්කරමින් කිසිදා අමතක නොවන ඉතිහාසගත ජයක් වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?