spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශය බලා ගමන් අරඹයි (ඡායාරූප)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා ගමන් ඇරඹු අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා ගමන් ගන්නා බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත කිරීම ඊයේ (09) දහවල් සිදු කෙරුණා.

සංචිතය ප්‍රකාශයට පත්කර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් අදාළ සංචිතය මෙලෙස තරගාවලිය සදහා සහභාගී වීමට සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යෑම ද විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් “A” කණ්ඩායම හොංකොං හි පැවැත්වෙන නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ඊයේ (09) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?