ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශය බලා ගමන් අරඹයි (ඡායාරූප)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා ගමන් ඇරඹු අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා ගමන් ගන්නා බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත කිරීම ඊයේ (09) දහවල් සිදු කෙරුණා.

සංචිතය ප්‍රකාශයට පත්කර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් අදාළ සංචිතය මෙලෙස තරගාවලිය සදහා සහභාගී වීමට සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යෑම ද විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් “A” කණ්ඩායම හොංකොං හි පැවැත්වෙන නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ඊයේ (09) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44