spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ගන්න ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල (ඡායාරූප)

සංචාරක ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක්වන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ඊයේ දිනයේ දී ද මෙරටට පැමිණියා.

මේ අතර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) දිනයේ සිය ආරම්භ වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලියට අදාල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මිලදී ගැනීමේ හැකියාව මේ වනවිට පවතිනවා.

මේ වනවිටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රුපියල් 300, 1,500, 2,500,4,000 සහ 5,000 යන මිල ගණන්වලට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

286210833 756368645728271 6358584695137571333 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?