ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ඓතිහාසික එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 100 වන ජාත්‍යන්තර එක්දින තරගය ලෙසටයි අද තරගය ක්‍රිකට් ඉතිහාසයට එක්වෙන්නේ.

දෙරට අතර පළමු වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 1975 වසරේ ජුනි 11 වැනිදායි.

එම තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන තරග 99න් තරග 62ක් ජය ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 33ක්.

තරග -5කින් සමන්විත මෙම තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.

මේ අතර, පළමු එක්දින තරගයේදී මස් පිඩු ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.

කෙසේ වෙතත් ඔහු එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රඳවා තබාගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) නිකුත් කළ නිවේදනයේ වනිඳු අද පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් කර තිබුණේ නැහැ.

මෙම ආබාධය හේතුවෙන් පසු ගියදා දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ද ඔහුට අහිමි වී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28