ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද – මතීෂට අද එක්දින තරග වරම්

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (02) ආරම්භ වනවා.

ඒ, අනුව තරගාවලියේ පළමු එක්දින තරගය අද (02) පෙරවරු 10.00ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වීමට නියමිත අතර, අද තරගයේ දී යොවුන් වේග පන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ආබාධයකට ලක්වී සිටින දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වන්නේ.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් අද තරගය සඳහා එක නොවන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පුහුණුවීම් අතර තුර ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු අද තරගය එක් නොවන බවයි වාර්තා වුණේ.

මේ අතර ඇෆ්ගනිස්ථාන යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ්ගෙන් වැඩි තර්ජනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල විය හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් එක්දින තරගාවලිය මෙය වන අතර, යහපත් මානසිකත්වයෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට නම් ඇෆ්ගනිස්ථාන තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිළට වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18