ශ්‍රී ලංකාව Blacklist කිරීමේ අවදානමක් නෑ – ‘ඩේලි මිරර්’ පළ කළ අසත්‍ය පුවත රජය ප්‍රතික්ෂේප කරයි

“Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොමඟ යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති බවයි.

එය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති Jay Shah අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය X ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැති බව ද අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ICC සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32