ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලයේ මේ වන විට හට ගෙන තිබෙන අරගලකාරී තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද (10) උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව අද දින උදෑසන 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

මෙම තත්වය යටතේ නේපාලයේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් වසා දැමීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තාවනවා .

මෙම ගුවන් ගමන් පිළිබද උනන්දුවක් දක්වන පිරිස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිත ආයතනයෙන් විමසීමක් කරන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14