ශ්‍රී ලංකාව සහ එක්ස්ප්‍රස් පර්ල් රක්ෂණකරුවන් අතර සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර රක්ෂණකරුවන් අතර සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

නීතිපතිවරයා ප්‍රමුඛ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ රක්ෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර සාර්ථක සාකච්ඡා වටයක් පසුගිය ජූලි 18 සහ 19 යන දෙදින පැවැත්වුණේ සිංගප්පූරුවේ දී යි.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය සිංගප්පූරුවේ දී ගොනු කළ නඩුවෙන් අනතුරුව තම සේවාදායකයා වෙනුවෙන් නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

අදාළ සිදුවීම හා එහි ප්‍රතිවිපාකවල තීරණාත්මක පැතිකඩ පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සමුද්‍රීය පරිසර අධිකාරිය සහ ධීවර අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන හිමිකම් තක්සේරුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයට ලක් වූ අතර මෙම හිමිකම් තක්සේරුව කඩිනමින් සිදු කරන බවටයි නෞකාවේ හිමිකරුගේ රක්‍ෂණකරුවන් ශ්‍රී ලංකා රජයට සහතික වී ඇත්තේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දැනට සිදු කෙරෙන සුන්බුන් ඉවත් කිරීමේ සහ සුන්බුන් ප්‍රතිසාධන කටයුතු අවසන් කිරීමේ කඩිනම් අවශ්‍යතාව ද නීතිපති සංජය රාජරත්නම් මහතා මෙහිදී අවධාරණය කළ අතර ඒ පිළිබඳව ද අනෙක් පාර්ශ්වය වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් පළ කෙරුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට නෞකාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ යහපත් ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයක් වන අතර නුදුරු දිනකදී ශ්‍රී ලංකා රජය සමඟ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ද ඔවුන්ගේ එකඟතාව පළ වී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් සිංගප්පූරුවේ ආරම්භ කර ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට මෙම සාකච්ඡාවලින් කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ද ඔවුන් සහතික වී තිබෙනවා.

  1. DOES ANYONE MEANS THAT THE CALCULATED DAMAGE OF $ 6.5 BILLION RECEIVED? MADNSS MEN. NONE OF INSURANCE ENTITIES PAYS ORE THAN THE ASSURED VALUE. BECAUSE THE SUNK SHIP AND THE CARGO MAY NOT WORTH THAT MUCH. YOU CAN BUY FLEET OF NEW VESSELS FOR THAT PRICE. ALL BUGGERS MESS THE MATCH AND BULLUED EVERYONE IN THIS COUNTRY. NOTHING OR LESSER AMOUNT WILL PAY. MAY BE SEVERAL MILLIONS, NOT EVEN A BILLION.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51