ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය එක්ක අපිට වලියක් නැහැ

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය සමඟ පවත්වන තරග අතරතුර ක්‍රීඩකයින් අතර සිදුවන සිදුවීම් රසිකයින්ට වැදගත්වුව ද කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට වැදගත් නොවන බව බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් පවසනවා.

ෂකීබ් පවසන්නේ ‘එදිරිවාදිකම්’ යන වචනයට තමන් අකමැති බවයි.

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කිරිමේ දී වඩාත් තරගකාරි වූ බවත් තමන් කණ්ඩායම් ලෙස ජයග්‍රහණය සඳහා උපරිමය සිදුකරන බවත් ෂකීබ් මෙහිදී සඳහන් කළා.

සෑම ක්‍රීඩකයෙක්ම එකිනෙකා හඳුනන නිසා ක්‍රීඩකයන් තුළ එතරම් එදිරිවාදිකමක් නොමැති බව ද ඔහු පැවසුවා.

බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ෂකීබ්ගේ අදහසට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ “මම එදිරිවාදිකම් ගැන දන්නේ නැහැ, නමුත් පසුව, මෑතදී, එම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව හොඳ තරඟ ක්‍රීඩා කළා, විශේෂයෙන් පසුගිය ආසියානු කුසලාන තරඟවලදී,ඉතින් මම හිතන්නේ කණ්ඩායම් දෙකම අපිට හොඳ අභියෝගයක් දෙනවා කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00