spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය එක්ක අපිට වලියක් නැහැ

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය සමඟ පවත්වන තරග අතරතුර ක්‍රීඩකයින් අතර සිදුවන සිදුවීම් රසිකයින්ට වැදගත්වුව ද කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට වැදගත් නොවන බව බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් පවසනවා.

ෂකීබ් පවසන්නේ ‘එදිරිවාදිකම්’ යන වචනයට තමන් අකමැති බවයි.

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කිරිමේ දී වඩාත් තරගකාරි වූ බවත් තමන් කණ්ඩායම් ලෙස ජයග්‍රහණය සඳහා උපරිමය සිදුකරන බවත් ෂකීබ් මෙහිදී සඳහන් කළා.

සෑම ක්‍රීඩකයෙක්ම එකිනෙකා හඳුනන නිසා ක්‍රීඩකයන් තුළ එතරම් එදිරිවාදිකමක් නොමැති බව ද ඔහු පැවසුවා.

බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ෂකීබ්ගේ අදහසට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ “මම එදිරිවාදිකම් ගැන දන්නේ නැහැ, නමුත් පසුව, මෑතදී, එම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව හොඳ තරඟ ක්‍රීඩා කළා, විශේෂයෙන් පසුගිය ආසියානු කුසලාන තරඟවලදී,ඉතින් මම හිතන්නේ කණ්ඩායම් දෙකම අපිට හොඳ අභියෝගයක් දෙනවා කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?