spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට බුම්රාට කැඳවීමක්

ශ්‍රී ලංකාව සමඟ ලබන 10 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඇතුළත් කර තිබෙනවා.

පිටේ කොන්දේ ඇති වූ අබාධයකට ලක්ව සිටි ජස්ප්‍රිත් බුම්රා නිමා වූ ලෝක කුසලාන තරගාවලියට සහ ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරගාවලි සඳහා එක්වීමට නොහැකි වුණා.

ඒ අනුව ඔහුට මාස 03ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමටයි සිදු වුණේ.

මේ අතර ඔහුට පැවති අබාධ තත්ත්වය හේතුවෙන් අද ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ සංචිතය සඳහා ද බුම්රා කැඳවා නැහැ.

කෙසේ වෙතත් බුම්රා පසුගිය සතිය පුරාවට ඔහුගේ පුහුණු දින චර්යාව සහ පන්දු යැවීම වේගවත් කර ඇති බවයි ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් පවසා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?