ශ්‍රී ලංකාව දුෂ්කර කොටස සිදුකර අවසන් – මෙරට ආර්ථික පෙරළිය IMF සහ ලෝක බැංකුව අගයයි

ගැඹුරු ආර්ථික අවපාතයකින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරළිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අගය කර තිබෙනවා.

දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීම සඳහා රජය එහි ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගන්නා ලෙසයි එම අරමුදල ඉල්ලා ඇත්තේ.

වොෂින්ටන් ඩීසී හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කණ්ඩායම් වාර්ෂික රැස්වීම්වල දී ආසියා පැසිෆික් සඳහා කලාපීය ආර්ථික දැක්ම පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්, IMF හි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලිං, දිවයිනේ ආකර්ෂණීය ප්‍රකෘතිය ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව අර්බුදයෙන් දේශීය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හරහා වර්ධනයට සංක්‍රමණය වී ඇති බව සඳහන් කළා.

“අර්බුදය අතරතුර ගැඹුරු අවපාතයකින් පසුව, ශ්‍රී ලංකාව දැන් වැඩසටහනක්, දේශීය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර දැන් ඉතා ශක්තිමත් වර්ධනයකින් ප්‍රතිලාභ ලබනවා. පසුගිය වසරේ සියයට 5ක්. අපි මේ වසරේ සියයට 4.2ක් සහ ඊළඟ වසරේ සියයට 3ක විභවයක් කරා යන බවට ඇස්තමේන්තු කරනවා.”

මෙම ප්‍රගතිය පවත්වා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව හෙල්බ්ලිං අවධාරණය කර සිටියා.

ඒ, අනුව මේ අවස්ථාවේ දී ප්‍රධාන උපදෙස ලෙස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යාම, වැඩසටහනේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීම බවයි ඔහු පවසන්නේ.

මූල්‍ය ඒකාබද්ධතාවයේ සහ ආයතනික ස්ථාවරත්වයේ වැදගත්කම, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන්හි ශක්‍යතාව සහතික කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර සිටියා.

අයවැයට ඇති අවිනිශ්චිත අවදානම් අවම කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය බවයි තෝමස් හෙල්බ්ලිං තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර IMF හි ආසියා-පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිසංස්කරණ උත්සාහයන් මෙහිදී අගය කර සිටියා.

“ශ්‍රී ලංකාව වසර කිහිපයකට පෙර තිබූ තැනින් බොහෝ දුර පැමිණ ඇත,” ශ්‍රීනිවාසන් සඳහන් කළා.

“ඔබ දුෂ්කර කොටස කර ඇත. ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යන්න, එවිට ඔබට ඊටත් වඩා විශාල ප්‍රතිලාභ පෙනෙනු ඇති.” බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28