ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන වැඩසටහන්වලට UN සහාය දෙන බවට පොරොන්දුවක් (ඡායාරූප)

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ (Marc-André Franche) කතානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමු වුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ; ඒ මහතා ඊයේ (04) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම හමුවීම සිදු කළ බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගී වුණා.

වාර්ගික හා ආගමික බෙදීම්වලින් තොරව ජාතික සමගිය පෝෂණය කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්තිය මෙහිදී ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක්කළා.

දේශපාලනඥයන් කෙරෙහි මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ දී මහජන අදහස් ලබා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය පැහැදිලි කළ ඒ මහතා විවිධ සංවර්ධන වැඩසටහන් හරහා මෙරටට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව පෙන්වා දුන්නා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිහිටුවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ ෆ්‍රැන්චේ මහතා, ව්‍යවස්ථාදායක රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතුළු අනෙකුත් සාධනීය පියවර පවත්වාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

UN Resident Coordinator 20241204 9
UN Resident Coordinator 20241204 5
UN Resident Coordinator 20241204 7
UN Resident Coordinator 20241204 6
UN Resident Coordinator 20241204 4
UN Resident Coordinator 20241204 8
UN Resident Coordinator 20241204 2
UN Resident Coordinator 20241204 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26