ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන සාකච්ඡාවක්

අප්‍රිකානු හා මැද පෙරදිග රටවල් සබැඳි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි කරුණු සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අප්‍රිකානු හා මැද පෙරදිග කළාප පිළිබඳ අංශයන්හි කාර්යභාරය සහ එම කළාපයන්ට අදාලව මෙරට රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙම කළාපයන් හි ඇති රාජ්‍යන් ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කල නිලධාරීන් සඳහන් කළ අතර එම සබදතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි කාරක සභාවේ අදහස වූයේ.

එබැවින්, ඒ සඳහා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසද කාරක සභාව නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති/මහ කොමසාරිස් කාර්යාලවල වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී කරුණු අවධාරණය වුණා.

වැඩි ක්‍රය ශක්තියක් සහිත මැද පෙරදිග රටවල් වෙතින් සංචාරකයන් මෙරටට අකාර්ෂණය කර ගැනීම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඉහල දායකත්වයක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කාරක සභාව ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව නොපමාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත් ලබා දීමට ඇති හැකියාවත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එම කරුණු පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන්ට කාරක සභාවේ සහාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එයට අමතරව පසුගිය රැස්වීම් වාර වලදී එැළැඹි තීරණවල ප්‍රගතිය ද පිලිබඳව මෙහිදී සමාලෝචනයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31