ශ්‍රී ලංකාවේ පැතුම ඉටුකල පැතුම්ගේ ඉණිමෙන් සිංහයන් කැන්ගරවන් දණගැස්සු හැටි

තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කළා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 70ක් රැස් කළ අතර ආරෝන් ෆින්ච් ලකුණු 62යි.පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත්තා.ලකුණු 292ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 48යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රහණය කලේ වාර්තා රැසක් පිහිටුවමින්.

පළමු කඩුල්ල ලකුණු 42කදී දවා ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වු අතර පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ජේ රිචඩ්සන් කඩුලු 2ක් දවාගත්තා. අනතුරුව පැතුම් නිස්සංක සමඟින් පිටියේ එක් වු කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 170ක වාර්තාගත ලකුණු සබඳතාවයක් ගොඩනැගූ අතර ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස් කරගෙන සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. එමෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය එක්දින ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 137කි.

තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගාවලියේ මේ වන විට 2කට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී කන්ගරුවන්ට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1992 වසරේදී වීමත් කැපී පෙනෙනවා.වසර 30 කින් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී ජයගත් එක්දින තරගාවලි ජය මෙයයි.කෙසේ වෙතත් දෙරට අතර ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි 5ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 3ක ජය තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40