ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් සිදු වූ අතර එහිදී යි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් මූල්‍ය සහ ණය සහන ලබාදීමේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එහිදී භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය දක්වන දායකත්වයට ස්තූතිය පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම්වරිය දැනුවත් කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අභියෝගයක් වුවත් එහිදී අවබෝධයෙන් යුතුව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳවද ජැනට් යෙලන් මහත්මිය දැනුවත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ “දේශගුණ සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම රජයේ අභිප්‍රාය බව යි සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය වෙත ඇරයුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24