ශ්‍රී ලංකාවේ චීන – ඇමෙරිකානු තානාපතිවරුන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් අතර හමුවක් අද (13) සිදුව තිබෙනවා.

චීන තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම වෙළඳාම, ආයෝජනය සහ සංවර්ධනය පිළිබඳව මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට දෙරටේ සහාය ලබා දිය හැකි ආකාරය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.