ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී වූ බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දශක හතකට ආසන්න කාලයක් පැවති නිල සබඳතා මෙන්ම, දෙරට අතර පැවති ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා මෙහිදී කතානායකවරයා සිහිපත් කළා.

දූෂණයෙන් තොර සහ ස්ථාවර ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා නව රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

එසේම ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධ වන ලෙස ද කතානායකවරයා ඊජිප්තුවේ ආයෝජකයින්ට ආරාධනයක් ද කළ බවයි වාර්තා වන්නේ.

තානාපති ආදෙල් ඉබ්‍රාහිම් මහතා කතානායකවරයාට සිය සුබ පැතුම් එක් කළ අතර ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඇගයීමට ලක් කළා.

විවිධ අංශවල සහයෝගීතාව ඔස්සේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා ඊජිප්තුව කටයුතු කරන බව ඔහු අවධාරණය කිරීමක් ද මෙහිදී සිදු කෙරුණු බවයි පැවසෙන්නේ.

වෙළඳාම සහ ආයෝජන, සංචාරක, සංස්කෘතික සහ වෙනත් හුවමාරු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡාවල නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23