ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීනයේ සහාය (වීඩියෝ)

ඔහු මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේ දීයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පැවතින්නක් අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩ ව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

මෙමගින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලී ව හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් බිහි කර ඇති බවත්, සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සමග එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ජනධිපති ෂී ජින්පිං පෙන්වා දුන්නා.

මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ‍භෞමිත අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමඟ එක්ව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීමට සූදානමින් සිටින චීනය, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

එමගින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාව බවත්,නීති බලාත්මක කිරීම පිළිබඳ ආරක්ෂක සහයෝගිතා පැවැත්වීම, අන්තර් ජාතික විදුලි සන්දේශ අපරාධ මර්දනය කිරීම මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමුවන් යටතේ වන සම්බන්ධීකරණ හා සහයෝගිතා තවදුරටත් තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී වැඩිදුරටත් කියා සිටියා.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේදී ෂී ජින් පිං ඉදිරිපත් කළ ප්‍රකාශය ගැඹුරු අර්ථයෙන් යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී සඳහන් කළා.

ලෝක කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලබා දුන් වැදගත් කර්යාභාරයක් ඉන් පිළිබිඹු වූ බවද ඇය සඳහන් කර සිටියා.

චීනය සමඟ සබඳතාව වැදගත්කොට සලකන ශ්‍රී ලංකාව එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන අතර ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභවයෙන් සංවර්ධනය කිරීමට සක්‍රිය ලෙස අනුබල දෙන බව ඇය පැවසුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබාදුන් වටිනා සහායට ස්තූති පළ කරමින් චීන මාදිලියේ නවීකරණ අත්දැකීම් අධ්‍යයනය කර චීනය සමග සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමෙන් සිය රටේ නව සංවර්ධනයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඇය ප්‍රකාශ කළා.

එමෙන්ම ෂී ජින් පිං ජනධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර වත්මන් නොසන්සුන් ජගත් තත්ත්වයට සමනය කිරීමට වැදගත් වන අතර ශ්‍රී ලංකාව චීනය සමග එක්ව එම පුලපිරුම් ක්‍රියාත්මක කර ගෝලීය දකුණේ පොදු ජයග්‍රහණ සහතික කරනු ඇතැයිද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18