ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලට කැනේඩියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් පවසා තිබෙනවා.

කැනේඩියානු මහකොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා ප්‍රශංසාව පළ කළා.

එමෙන්ම මෙරට ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා සිදුකළ ප්‍රතිසංස්කරණවල දී ජනතාව පෙන්නුම් කළ සහයෝගය හා කැපවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කැනඩා රජයේ සහයෝගය තව දුරටත් ලබාදෙන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහායවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාවය ලබාදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06