spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් පවසා තිබෙනවා.

කැනේඩියානු මහකොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා ප්‍රශංසාව පළ කළා.

එමෙන්ම මෙරට ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා සිදුකළ ප්‍රතිසංස්කරණවල දී ජනතාව පෙන්නුම් කළ සහයෝගය හා කැපවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කැනඩා රජයේ සහයෝගය තව දුරටත් ලබාදෙන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහායවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාවය ලබාදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?