ශ්‍රී ලංකාවෙන් තුර්කි ජනතාවට තේ තොගයක්

තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Ceylon Tea Exporters හි සහයෝගයෙන් රජය විසින් “Ceylon Tea” තොගයක් ඊයේ (10) කොළඹ Türkiye තානාපතිවරයා වෙත පරිත්‍යාග කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර සඳහා අධ්‍යක්ෂ ජනරාල් O.L Ameer Ajwad විසින් කොළඹ Türkiye තානාපති කාර්යාලයේදී මෙම තොගය තානාපතිවරයා වෙත භාර දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කළ බවයි.

විදේශ අමාත්‍යාංශයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ පවිත්‍රි පීරිස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වන විට 25,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මරණ සංඛ්‍යාව 21,848 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ජනාධිපති එර්ඩෝගන් ප්‍රකාශ කර ඇත්තේ.

සිරියාවේ පුද්ගලයන් 3,553ක් පමණ මියගොස් ඇති බව වාර්තා වන අතර, ඒ අනුව දෙරටේ මුළු මරණ සංඛ්‍යාව 25,401 දක්වා ඉහළ ගියා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිරියාවට ආධාර ලබා දීමේදී සියලු දේශපාලන මතවාද පසෙක තැබිය යුතු කාලය බවයි.

වෘත්තීමය සහ ස්වේච්ඡා අංශයෙන් 30,000 කට වැඩි සහන සේවක පිරිසක් මේ වන විට අතුරුදන් වූවන් සෙවීම ඇතුලු මෙහෙයුම්වල නිරත වනවා.

ගොඩනැගිලි 6,000කට වඩා කඩා වැටී ඇති අතර තුර්කියේ ආපදා කළමනාකරණ අධිකාරියේ කම්කරුවන් ද භූමිකම්පාවලට හසු වී ඇති බවයි වාර්තා වන්නේ.

දින 05 ක් පුරා ක්‍රියාත්මක ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක අතර විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මේවනවිටත් මුදා ගනිමින් සිටිනවා.

එලෙස මුදාගැනෙන පිරිස් අතර කුඩා ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

භූ කම්පනවලින් පසු සුන්බුන් අතර සිරවී සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

ඒ මෙම ඛේදවාචකය සිදුවී පැය 128කට පමණ පසුවයි.

තුර්කියේ Hatay ප්‍රදේශයේ සුන්බුන් අතර සිටියදී මෙම පිරිමි ළමයා බේරා ගැනුණා.

එමෙන්ම විනාශයට පත් තුර්කි නගරයක් වන Kahramanmaras හි, බ්‍රිතාන්‍ය සහ ජර්මානු සහන කණ්ඩායම් විසින් 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ භූ කම්පනය නිසා විනාශ වී ගිය තුර්කියේ ඇතැම් ප්‍රදේශවල මේවනවිට දැඩි දුර්ගන්ධයක් පවතින බවයි.

එහෙත් එවැනි බාධා හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් පවා නොතකා දෙස් විදෙස් සහන කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතිනවා.

මේ අතර භූ කම්පනය හේතුවෙන් සිරියාවේ මිලියන 05 කට අධික පිරිසකට වාසස්ථාන අහිමි විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණ කර තිබෙනවා.

අතීතයේ දී තුර්කිය සහ සිරියාව ආශ්‍රිත කලාපයේම ඉතා දැවැන්ත භූමිකම්පා සිදුවී තිබෙනවා.

19 වන සියවසේ 1822 අගෝස්තු 13 වන දින රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් සිදුවූ අතර එය සඳුදා වාර්තා වූ 7.8ක භූමිකම්පාවට වඩා සැලකිය යුතු තරම් අඩු වුවද එම ප්‍රදේශයේ නගරවලට විශාල හානියක් සිදු වුණා.

ඉන් සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පමණක් මරණ 7,000ක් වාර්තා වූ අතර පසු කම්පන වසරකට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර භූමිකම්පාවෙන් පසු දැනටමත් පසු කම්පන කිහිපයක් සිදුවී ඇති අතර විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ එය 1822 ඛේදවාචකය තරම් වනු ඇති බවයි.

මෙවර සිදු වූ ප්‍රබල කම්පනය සැලකෙන්නේ මෙම සියවසේ සිදුවූ හත්වන දරුණුතම ඛේදවාචකය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56