ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් තවත් ණයක් ?

මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක් ණයට ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා

ඒ මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අදාළ මූල්‍ය ගිවිසුමට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හැඩඩ්-සර්වෝස් මහතා අත්සන් කර තිබේ