ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (30) සමත් වුණා.

ඩර්බන් හිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගත්තේ ලකුණු 233කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 191ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී නායක ටෙම්බ ​​බවුමා ලකුණු 70ක් රැස්කළ අතර, පන්දු යැවීමේ දී ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

අනතුරුව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ අන්ත සරණ වූ ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස්කරගත හැකි වූයේ සියල්ලන දැවී ලකුණු 42ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කළ මාර්කෝ ජැන්සන් කඩුලු 07ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 149ක වාසියක් ද සමඟ දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 366ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවන ඉනිම සඳහා ආරාධනා කළා.

ඒ, ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් හිමිකර දෙමින්.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම සවිමත් කළ නායක ටෙම්බ ​​බවුමා ලකුණු 113ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 122ක් රැස් කළා.

ලකුණු 516ක දැවැන්ත ඉලක්කය හඹා යාම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු සියල්ල දකුණු අප්‍රිකානු වේග පන්දු යවනන් ඉදිරියේ ගැලවී ගියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් යම් තරමට හෝ සාර්ථක වීමට නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල්ට හැකියාව ලැබුනේ හයවන කඩුල්ලට ලකුණු 95ක සම්බන්ධතාව ගොඩනගමින්.

ධනංජයගේ දැවීයාමෙන් පසු කුසල් මෙන්ඩිස් සමඟ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම තරම් ඉහළට ගොඩනැගීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානුවන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සියල්ලන් දැවී ලකුණු 282කට සීමා වුණා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 59ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 83ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 48ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජැන්සන් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තාරගවලිය තරග එකට බින්දුවක් ලෙස දකුණු අප්‍රිකානුවන් පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14