spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද – කණ්ඩායමේ එක් වෙනසක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරග අද (18) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරගය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.

ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව ලබන බ්‍රහස්පතින්දා නෙදර්ලන්තය අතර තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අනිවාර්ය සාධකයක් බවට මේ වනවටි පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව පෙරේදා මුහුණ දුන් සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය නැමීබියාවට පරාජය වීම හේතුවෙන්.

මේ අතර අද තරගය සඳහා මැදපෙළ පිතිකරු චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව බොහෝ දුරට පළමු තරගයේ දී අසාර්ථක වූ ධනිෂ්ක ගුණතිලකට අද තරගයෙන් ඉවත්වීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?