ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් ?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන්ට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලිපියක් යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පනවන බවටයි අදාළ ලිපිය මගින් අනතුරු අඟවා ඇත්තේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගමයේ නිලධාරී කෙනි ජින් මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් උපාලි හේවගේ වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන භාහිර මැදිහත්වීම පිළිබඳ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධය පළකරන බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සම්මත කර ගත් ව්‍යවස්ථාවට අනුව පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බව එම ලිපියේ දැක්වෙනවා.

ඒ වෙනුවෙන් ලබන 2023 වසරේ ජනවාරි මස 22 වනදා දක්වා කාලය ලබාදී ඇති අතර එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවමින් මූල්‍ය සම්බාධක පැනවීම පිළිබඳ සලකා බලන බවටයි ලිපියෙන් අනතුරු අඟවා ඇත්තේ.

1 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20