spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් ?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන්ට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලිපියක් යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පනවන බවටයි අදාළ ලිපිය මගින් අනතුරු අඟවා ඇත්තේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගමයේ නිලධාරී කෙනි ජින් මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් උපාලි හේවගේ වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන භාහිර මැදිහත්වීම පිළිබඳ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධය පළකරන බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සම්මත කර ගත් ව්‍යවස්ථාවට අනුව පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බව එම ලිපියේ දැක්වෙනවා.

ඒ වෙනුවෙන් ලබන 2023 වසරේ ජනවාරි මස 22 වනදා දක්වා කාලය ලබාදී ඇති අතර එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවමින් මූල්‍ය සම්බාධක පැනවීම පිළිබඳ සලකා බලන බවටයි ලිපියෙන් අනතුරු අඟවා ඇත්තේ.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?